දැක්ම

සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..

Thursday, June 18, 2020

11. කොරෝනා කාලෙ ඉස්කෝලෙ.....




දීප ව්‍යාප්ත වත්, ගෝලීයවත් සියලු සත්ත්වයන් හට මුහුණ දෙන්නට සිදු වූ මෙම ව්‍යසනයට අපි සියල්ලටත් මුහුණ දෙන්නට සිදුවීම අහම්බයක් නොවේ. 


රැකියාවට, කඩපිලට, රෝහලට, පන්සලට, පල්ලියට, කෝවිලට පමණක් නොව අපගේ දරුවන්හට පාසල් යාම කෙසේ වෙතත් අසල්වැසි නිවසට යාමත් නොහැකි වූවා පමණක් ම නොව නීති විරෝධී ක්‍රියාවක් වූවා.... 

එසේ තිබිය දී අද ඉවරවෙයි... හෙට ඉවරවෙයි... අද පටන් ගනියි... හෙට පටන් ගනියි.. සිත සිතා ගත කළ දවස් නොව මාස කිහිපයකි... ඒ අතර දරුවන් වෙත දැනුම ලබා දෙන්නට, තිබූ දැනුම මොට නොවන්නට තැබූ පියවර කිහිපයකි... 

අවසන ලැබුවා දුරකථන ඇමතුමක් පන්තිභාර ගුරුතුමියගෙන්... “අම්මා අපි group එකක් හැදුවා.. මට පන්තියේ ළමයි හැමෝම ඒකට ගන්න ඕනා...“

පන්තියේ දෙමව්පිය දුරකථන අංක සොයා ගත් අතර කෙටි පණිවිඩයක් මගින් සියල්ලන්ම දැනුවත් කළෙමි.. දින කිහිපයකින් සාර්ථක වූ අතර කාල සටහනකට අනුව සියලු විශයයන් ආවරණය කිරීම සිදුවන්නට විය... 

Smart Phone එකක් තුළ ස්ථානගත කරවූ Apps  කිහිපයක උපකාරයෙන් එක් ස්ථානයක සිට කිහිප ස්ථානයක සිටින්නාවූ දුවා දරුවන්ට සිප් කිරි පොවන්නට ගන්නා මේ උත්සාහය සුළු පටු නොවේ.. 

ඒ උත්සාහය ආරම්භයත් සුළු පටු කාරණාවක් නොවේ... Smart Phone එකක් නොමැති ගුරුභවතුන් සිටින්නට ඇත.. දෙමව්පියන් ගැනද එසේම ය... (මේ වෙනුවෙන් ම දුරකථනයත් මිල දී ගත් මවක් ගැන දනිමි.) එම උපාංග ක්‍රියාකරවන්නට දැනුම දරුවන්, දෙමාපියන් පමණක් නොව ගුරු භවතුන්ටද  තිබෙන්නට ඇතැයි සිතිය නොහැක... 


පහසුකම් නොමැති දරුවන් ගැන සොයා බලමින්, ප්‍රතිකර්ම යොදමින්, ගුරු භවතුන් හට අවශ්‍ය දැනුම ලබා දෙමින් විදුහල්පති තුමාගේ භූමිකාව අපූරුවට රඟදෙන එතුමා ගැන ද අපට ඇත්තේ පුදුමාකාර ආඩම්බරයකි.


සමාන්තර පන්ති 17කි. 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති 102ක්. උසස් පෙළ පන්ති ප්‍රමාණය  ගැන හරිහැටි දැනුමක් මා හට නොමැති උවත් අඩු ගණනේ මේ පන්ති 102 ට කාල සටහනක් සෑදීම පවා පුදුමාකාර වෙහෙසකර කටයුත්තකි.

දවසේ නියමිත පැය ප්‍රමාණයෙන් ප්‍රයෝජනයට ගත හැක්කේ දරුවන්ගේ මව හෝ පියා නිවසේ සිටින පැය ප්‍රමාණය පමණි.

මෙවන් අටෝරාසියක් ප්‍රශ්න හමුවේ සියල්ලන්ට ම සියයට සියයක් ප්‍රථිපල දායක නොවන්නට ඇත. 

හොඳම දේ දරුවන්ටයි යන කියමන සනාථ කරමින් කෙසේ වෙතත් කළ හැකි හොඳ ම දේ කරන්නට වෙහෙසුන වචනයකින් හෝ වෙහෙසුන සියල්ලන්හට උපහාරයක් ම වේවා!!

තමන් දන්නා හෝ නොදන්නා මෙවලම් උපයෝගී කරගෙන, අනේක විධ දුක් කම්කටොලු විඳගෙන මෙවන් වූ උදාර කාර්යයක් සඳහා දායක වූ සියලු ස්වාමීන් වහන්සේලා, ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් හට ද මෙය උපහාරයක් වේවා!!

මින් නොනැවතී පාසල පටන් ගැනීමෙන් අනතුරුත් අමතර ඉගැන්වීම් අවශ්‍ය අවස්ථාවල මේ උගැන්ම උපකාර වේවා!!

අපටත් අසා බලා සිටීමට උනන්දුවක් ඇතිවන තරමට එම උගැන්වීම් සිදුවූ බව ද දන්වන්නේ ඉතා ම සතුටිනි....

“කෝ බලන්න මගෙ පැටවු ටික... හානේ මහත් වෙලා.. මගෙන් බැනුම් අහන්න කවුරුත් නැති ව මම පාළුවෙන් හිටියේ...“

No comments: