දැක්ම

සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..

Thursday, June 18, 2020

11. කොරෝනා කාලෙ ඉස්කෝලෙ.....




දීප ව්‍යාප්ත වත්, ගෝලීයවත් සියලු සත්ත්වයන් හට මුහුණ දෙන්නට සිදු වූ මෙම ව්‍යසනයට අපි සියල්ලටත් මුහුණ දෙන්නට සිදුවීම අහම්බයක් නොවේ. 


රැකියාවට, කඩපිලට, රෝහලට, පන්සලට, පල්ලියට, කෝවිලට පමණක් නොව අපගේ දරුවන්හට පාසල් යාම කෙසේ වෙතත් අසල්වැසි නිවසට යාමත් නොහැකි වූවා පමණක් ම නොව නීති විරෝධී ක්‍රියාවක් වූවා.... 

එසේ තිබිය දී අද ඉවරවෙයි... හෙට ඉවරවෙයි... අද පටන් ගනියි... හෙට පටන් ගනියි.. සිත සිතා ගත කළ දවස් නොව මාස කිහිපයකි... ඒ අතර දරුවන් වෙත දැනුම ලබා දෙන්නට, තිබූ දැනුම මොට නොවන්නට තැබූ පියවර කිහිපයකි... 

අවසන ලැබුවා දුරකථන ඇමතුමක් පන්තිභාර ගුරුතුමියගෙන්... “අම්මා අපි group එකක් හැදුවා.. මට පන්තියේ ළමයි හැමෝම ඒකට ගන්න ඕනා...“

පන්තියේ දෙමව්පිය දුරකථන අංක සොයා ගත් අතර කෙටි පණිවිඩයක් මගින් සියල්ලන්ම දැනුවත් කළෙමි.. දින කිහිපයකින් සාර්ථක වූ අතර කාල සටහනකට අනුව සියලු විශයයන් ආවරණය කිරීම සිදුවන්නට විය... 

Smart Phone එකක් තුළ ස්ථානගත කරවූ Apps  කිහිපයක උපකාරයෙන් එක් ස්ථානයක සිට කිහිප ස්ථානයක සිටින්නාවූ දුවා දරුවන්ට සිප් කිරි පොවන්නට ගන්නා මේ උත්සාහය සුළු පටු නොවේ.. 

ඒ උත්සාහය ආරම්භයත් සුළු පටු කාරණාවක් නොවේ... Smart Phone එකක් නොමැති ගුරුභවතුන් සිටින්නට ඇත.. දෙමව්පියන් ගැනද එසේම ය... (මේ වෙනුවෙන් ම දුරකථනයත් මිල දී ගත් මවක් ගැන දනිමි.) එම උපාංග ක්‍රියාකරවන්නට දැනුම දරුවන්, දෙමාපියන් පමණක් නොව ගුරු භවතුන්ටද  තිබෙන්නට ඇතැයි සිතිය නොහැක... 


පහසුකම් නොමැති දරුවන් ගැන සොයා බලමින්, ප්‍රතිකර්ම යොදමින්, ගුරු භවතුන් හට අවශ්‍ය දැනුම ලබා දෙමින් විදුහල්පති තුමාගේ භූමිකාව අපූරුවට රඟදෙන එතුමා ගැන ද අපට ඇත්තේ පුදුමාකාර ආඩම්බරයකි.


සමාන්තර පන්ති 17කි. 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති 102ක්. උසස් පෙළ පන්ති ප්‍රමාණය  ගැන හරිහැටි දැනුමක් මා හට නොමැති උවත් අඩු ගණනේ මේ පන්ති 102 ට කාල සටහනක් සෑදීම පවා පුදුමාකාර වෙහෙසකර කටයුත්තකි.

දවසේ නියමිත පැය ප්‍රමාණයෙන් ප්‍රයෝජනයට ගත හැක්කේ දරුවන්ගේ මව හෝ පියා නිවසේ සිටින පැය ප්‍රමාණය පමණි.

මෙවන් අටෝරාසියක් ප්‍රශ්න හමුවේ සියල්ලන්ට ම සියයට සියයක් ප්‍රථිපල දායක නොවන්නට ඇත. 

හොඳම දේ දරුවන්ටයි යන කියමන සනාථ කරමින් කෙසේ වෙතත් කළ හැකි හොඳ ම දේ කරන්නට වෙහෙසුන වචනයකින් හෝ වෙහෙසුන සියල්ලන්හට උපහාරයක් ම වේවා!!

තමන් දන්නා හෝ නොදන්නා මෙවලම් උපයෝගී කරගෙන, අනේක විධ දුක් කම්කටොලු විඳගෙන මෙවන් වූ උදාර කාර්යයක් සඳහා දායක වූ සියලු ස්වාමීන් වහන්සේලා, ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් හට ද මෙය උපහාරයක් වේවා!!

මින් නොනැවතී පාසල පටන් ගැනීමෙන් අනතුරුත් අමතර ඉගැන්වීම් අවශ්‍ය අවස්ථාවල මේ උගැන්ම උපකාර වේවා!!

අපටත් අසා බලා සිටීමට උනන්දුවක් ඇතිවන තරමට එම උගැන්වීම් සිදුවූ බව ද දන්වන්නේ ඉතා ම සතුටිනි....

“කෝ බලන්න මගෙ පැටවු ටික... හානේ මහත් වෙලා.. මගෙන් බැනුම් අහන්න කවුරුත් නැති ව මම පාළුවෙන් හිටියේ...“

Monday, January 20, 2020

10. ගෙවුනු 9 වසර .......


9 වසරක්  යනු ජීවිතයට සාපේක්ෂව ඉතා කෙටි කාලයකි. 2011-01-20 දිනෙන් පටන් ගත් එම ගමන මෙතෙක් දුර ගමන් ගත්තේ රතු පලස් පාවාඩ මතින් නොවේ. කටු කොහොල්, අනේක විධ දුක් කම්කටොලු, රළු වදන්, ගෙරවුම්  මැදින් බව දන්නේ ද ඉතා සුළු පිරිසකි. මෙතකින් ද නොනවතින  එම ගමනේ ඉදිරිය ද  කාට නම් කිව හැක්කේ ද? 

ඉදිරි කටයුතු සැමත්

දරු ණැන පෑදවීමත්

සාර්ථක වේවා

පතමි ආදරයෙන්!!!







Tuesday, October 23, 2018

9. ගණිත සැඳෑ පාසල


විද්‍යාලයීය උසස් පෙළ ගණිත අංශය මගින් සංවිධානය කරන්නට යෙදුන ගණිත සැඳෑ පාසල වෙත ඊයේ උදයේ 6.30ට දරුවන් භාරගත් අතර අද දහවල් 1.30ට දරුවන් දෙමාපිය භාරකාරත්වයට පවරමින් සාර්ථකව නිමකෙරිණි.

 2011 වසරේ අලුතින් ම පටන් ගත් අලුත් ම පාසලට අලුතින් ම එකතු වූ පුංචි පැටව් කර දඬු උස් වී අම්මා තාත්තාටත් වැඩියෙන් උසින් මහතින් වැඩී ලබන අගෝස්තුවේ උසස් පෙළ විභාගයට මුහුණ දීමේ බලාපොරොත්තු ඇති ව සිටී. 

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි දිනවල දී පාසලේ අමතර පන්තියකට සහභාගී කරවීමට යන දිනක දී දුම්රියේ හමුවූ මිනිසෙකු කී කථාව දැනුදු දෙසවනෙහි රැව් දේ. මා දියණියත් සමඟ තවත් දියණියන් කිහිප දෙනෙකුම දුම්රියේ සිටි අතර දරුවන්ගෙන් විස්තර අසා හොඳ ප්‍රථිපල ගන්න ඹ්නි දරුවනේ ලංකාවෙ විතරක් නෙමේ මුළු ලෝකයක් ම ඔයාලගෙ ප්‍රථීපල බලා ඉන්නෙයි කීය. 

දැනටත් ඒ බලාපොරොත්තු නොවෙනස් ව පවතින බව දනිමි. ඒ සාර්ථක ප්‍රථිපල උසස් පෙළ විභාගයේ දීද සැමගේ අපේක්‍ෂාවයි. ඒ අපේක්‍ෂාව පෙරදැරි ව සැමගේම උවමනාවෙන් උදව්වෙන් උදෑසන හා සවස් කාලයේ කිසිදු අමතර ගෙවීමක් නොලබා මෙම දරුවන් දැනුමින් පෝෂණය කරනා දයාබර ගුරු කැළ හා විදුහල්හපතිතුමාට යෝධ බල ශක්තිය ලැබේවා!!

ඊයේ රාත්‍රියේ දරුවන්ගේ තනි නොතනියට දරුවන් හා පාසලේ රැඳී සිට නිවසට පැමිණි මා දෙපා රිදෙනවායි පවසද්දී අක්කාගේ තනියට ඈ නිවසේ තනිකළ මා වෙත දුන් පිළිතුර වූයේ දැන් තේරෙනවද අපි විඳින දුක උඩ පහලට යද්දි තඩි බෑග් එකකුත් උස්සන්යි කීය.

අක්කා - “අම්මෙ තේජා මැඩම්ට හරි සතුටුයි ළමයි භාවනා කරනව දැකල.. මැඩම් එනව ළඟට ළමයි නිදියනවද බලන්න“
අක්කා - “අර සුම්බා කළ අක්ක නටනව නැටිල්ලක් අම්මේ.. අපේ ළමයි කොහොමද එහෙම නටන්නෙ“
නංගී - අක්කගේ කථා කට ඇරන් අහන් ඉන්න නංගි “නංගිල මල්ලිලත් ආවද අක්කෙ..“ අක්කා - “ඔව්“ (එහෙත් රාත්‍රී කෑම වෙලාවේදී දෙමාපියන් සමඟ පැමිණි කිහිප දෙනෙකි පමණි..)
නංගී - “අපරාදෙ මටත් එන්න තිබ්බෙ“
අක්කා - රසවින්දන වැඩසටහන ගැනත් සෑහෙන විස්තරයක්.....

පැය 6.00ක් විඩින් විඩේ පැය 2.00 බැගින් රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය හා භෞතික විද්‍යා පාඩම් පවත්වන්නට යෙදුණ අතර ගුරුවරියක් පැවසුවේ පාසලේදී විනාඩි 40 පීරියඩ් එකක් දෙකකට වඩා සෑහෙන වැඩක් කරන්න පුළුවනි අම්මා... ප්‍රැක්ටිකල් ගොඩක් කළා.. යි කියායි..

මා ඔවුනට යෝධ බල ශක්තිය ප්‍රාර්ථනා කළේ එම සද් කාර්යය සඳහා දිනකට සෑහෙන වරක් ඒ උඩ පහළ යෑම පිණිසත්ය...

ලබන අගෝස්තුවේ සැමගේ ම පැතුම් සඵල කිරීමට මේ දූ පුතුන් සැමට ධෛර්යය ශක්තිය ලැබේවායි අවසන් වශයෙන් ප්‍රාර්ථනා රමි.!!



Wednesday, November 9, 2016

8. බලාපොරොත්තුව....

2011 අවුරුද්දෙ ජනවාරි මාසෙ 20 වැනිදා ඉස් ඉස්සරෝම නැවුම් බලාපොරොත්තු ගොන්නක්  ම පුරවගෙන අලුත් ම අලුත් පාසලකට ගොඩවැදුනු පුංචි පැටව් 683 දෙනෙක් මේ දෙසැම්බරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නයි සූදානම...

පුරා අවුරුදු 6ක් විවිධ තැනිතලා, හෙල්, කඳුවැටි තරණය කරලා විදුහලේ මධ්‍ය අංශයේ ගත කරන අවසාන දවස් කිහිපය පැමිණීලා.. 

දයාබර දූ පුතුනේ,

පතමි ස්නේහෙන්
නුඹ සියල්ලන් හට
ඉහළ සාමාර්ථ ම ලැබේවා!!
එකදු දරුවෙක් හෝ අසමත් නොවේවා!!
සියල්ලන්ට ම උසස් අධ්‍යාපනයේ දොරටු විවර වේවා!!
මා, පිය, ගුරු පැතුම් දල්වා සිනාසෙන්නට වරම් ලැබේවා!!
මිහිඳු මව් සෙවනේ අකුරු කරනා පුංචි සොයුරු සොයුරියන්ට ආදර්ශයත් වේවා!!
මිහිඳු මව් සෙවනට ලං වෙන්නට වෙර දරනා 
පුංචි සොයුරු සොයුරියන්ට ආදර්ශයත් වේවා!! 
මිහිඳු මව් සෙවනට දූ පුතුන් ලං කරවන්නට සැකබයැති දෙමව්පියන්ගේ පුහු බය දුරලන්නට ශක්තිය ලැබේවා!! 




 මාගේ දුවණියන් දෙදෙනාම අකුරු කරද්දී මා සේවයේ නියුතු ආයතනය මගින් සිදුකරන වටිනා මෙහෙයෙන් බිඳක් මා දරුවන් උගන්නා පාසලේ දරුවන් හට ලබා දිමට මා හට අවැසි විය. ඒ සඳහා මා හට අවසර ලබා දීමට කටයුතු කළ විදුහලේ මධ්‍ය අංශභාර නියෝජ්‍ය විදුහල්පති රාජනායක මහතාටත්, තොරතුරු තාක්‍ෂණ විෂයය භාර ප්‍රධාන ගුරුතුමිය වන කුමාරි මහත්මියටත් ස්තුති වේවා!! 



ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දිම පිළිබඳව මාගේ ආයතනයටත් පුහුණු කළමනාකාර ඩී. ඩී. ප්‍රභාත් මහතාටත් බෙහෙවින් ස්තූති වේවා!!

පාසලේ ප්‍රථම සාමාන්‍ය පෙළ කණ්ඩායම වන 2016 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා එකදු දරුවෙක් හෝ අසමත් නොවේවා!! මාගේ ඒකායන ප්‍රාර්ථනයයි!!





පෝදා..

Thursday, April 4, 2013

6. සූර්ය මංගල්‍යයය 2013



2013 සූර්ය මංගල්‍යයය  ඊයේ එනම් අප්‍රේල් 3 වනදා විදුහල් භූමියේදී පවත්වන්නට යෙදුනි.... බොහෝ බලාපොරොත්තු රඳවාගෙන දින ගනන් කරන්නට වන් සියළුම වැඩ කටයුතු කිරීමට නොලැබෙන සේ මේ සඳහාද සහභාගි වීමට නොලද්දෙමි... ඒ වෙනත් හේතුවක් නිසා නොව මේ දිනවල පැතිරයන උණ රෝගයෙන් චූටි දෝණිය පීඩා විඳි හෙයිනි.. ඈ කැටුව යා නොහැක.. ඈ නැතිවත් යා නොහැක..





කැමරාව දෝණිය අතටදී යෙහෙළියකගේ මව වෙත තබා සැරෙන් සැරේ ලොකු දෝණී ගත් පින්තූර පමණක් ලදිමි.. විස්තර කථනයක් කළ නොහැක්කේ යාමට නොලද නිසාවෙනි...

ගිය වර පොල්අතු වියා තෑගී ලද මා හට මෙවර සහභාගී වන්නට නොහැකිවිම සිත රිදවන්නකි.. 






සියල්ල සිදුවන්නේ හොඳට බව අදහමි...

5. ප්‍රථම තොරතුරු තාක්‍ෂණ දිනය













හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයීය ප්‍රථම තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශණය "IT Day 2013" නමින් පසුගිය මාර්තු 01 වනදා විද්‍යාලයීය භූමියේදී පැවුත්වූවා... ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමුත්තන් රාශියක් පැමිණියහ.

ප්‍රදර්ශණ කුටි රාශියකින් සමන‍්විත වූ අතර දරුවන්ට අතර තාක්‍ෂණ අත්දැකීම් රාශියක් ලබන්නට හැකිවූ බව කිව යුතුයි...

Wednesday, February 27, 2013

4. දෙවසරක් සපිරූ වගනම්...


2011 ජනවාරි 20  - ජීවිත 600ක් අලුත් වූ බලාපොරොත්තු ගොන්නක් කරපින්නාගෙන ගොඩවැදුනේ කිසියම් වූ අධිෂ්ඨානයකින් විය යුතුයි....
දැක්ම
නොඉවසිල්ලෙන්

පෙළ පොත් ලබා ගනිද්දී


පාසල විවෘත කිරීමෙන් අනතුරුව.....
පන්ති කාමරයක් ලැබී...




එක වයසේ එක සමාන දරුවන් පන් හයසීයක් පිටියවටා...




__________________________________________________________________________________




2011 පෙබරවාරි 17 - ප්‍රථම පොහොය බණ පිංකම









__________________________________________________________________________________

2011‍මාර්තු 21 - ප්‍රථම සීල සමාදානය

















____________________________________________________________________________________

Tuesday, April 3, 2012

2600 සම්බුද්ධ ජයන්ති වන්දනා පෙරහර....


2011 මැයි 16 දින

2011 මැයි 16 දින පැවති 2600 සම්බුද්ධ ජයන්ති වන්දනා පෙරහර....

2011 ක්‍රීඩා උත්සවයේ වග නම්


2011 පෙබරවාරි 21 ක්‍රීඩා උත්සවය ආරම්භ වීමට සියල්ල සූදානම්...



ලොකු දෝණිගේ 2011 වසරේ නිවාසය ගඟන...


ගඟන සූදානම්...


හොරණ තක්‍ෂිලා පැටව්...


අම්මලාගේ තරඟය....


සරඹ සංදර්ශනය...

ආචාර පෙළපාලිය.. ලස්සනේ බැ...


තුමනි, ආචාර පෙළපාලිය සූදානම්.... (සියළු ඇස් තෙත්වන්නට ඇති බව මා හැඟීමයි...)