දැක්ම

සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..

Tuesday, October 23, 2018

9. ගණිත සැඳෑ පාසල


විද්‍යාලයීය උසස් පෙළ ගණිත අංශය මගින් සංවිධානය කරන්නට යෙදුන ගණිත සැඳෑ පාසල වෙත ඊයේ උදයේ 6.30ට දරුවන් භාරගත් අතර අද දහවල් 1.30ට දරුවන් දෙමාපිය භාරකාරත්වයට පවරමින් සාර්ථකව නිමකෙරිණි.

 2011 වසරේ අලුතින් ම පටන් ගත් අලුත් ම පාසලට අලුතින් ම එකතු වූ පුංචි පැටව් කර දඬු උස් වී අම්මා තාත්තාටත් වැඩියෙන් උසින් මහතින් වැඩී ලබන අගෝස්තුවේ උසස් පෙළ විභාගයට මුහුණ දීමේ බලාපොරොත්තු ඇති ව සිටී. 

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි දිනවල දී පාසලේ අමතර පන්තියකට සහභාගී කරවීමට යන දිනක දී දුම්රියේ හමුවූ මිනිසෙකු කී කථාව දැනුදු දෙසවනෙහි රැව් දේ. මා දියණියත් සමඟ තවත් දියණියන් කිහිප දෙනෙකුම දුම්රියේ සිටි අතර දරුවන්ගෙන් විස්තර අසා හොඳ ප්‍රථිපල ගන්න ඹ්නි දරුවනේ ලංකාවෙ විතරක් නෙමේ මුළු ලෝකයක් ම ඔයාලගෙ ප්‍රථීපල බලා ඉන්නෙයි කීය. 

දැනටත් ඒ බලාපොරොත්තු නොවෙනස් ව පවතින බව දනිමි. ඒ සාර්ථක ප්‍රථිපල උසස් පෙළ විභාගයේ දීද සැමගේ අපේක්‍ෂාවයි. ඒ අපේක්‍ෂාව පෙරදැරි ව සැමගේම උවමනාවෙන් උදව්වෙන් උදෑසන හා සවස් කාලයේ කිසිදු අමතර ගෙවීමක් නොලබා මෙම දරුවන් දැනුමින් පෝෂණය කරනා දයාබර ගුරු කැළ හා විදුහල්හපතිතුමාට යෝධ බල ශක්තිය ලැබේවා!!

ඊයේ රාත්‍රියේ දරුවන්ගේ තනි නොතනියට දරුවන් හා පාසලේ රැඳී සිට නිවසට පැමිණි මා දෙපා රිදෙනවායි පවසද්දී අක්කාගේ තනියට ඈ නිවසේ තනිකළ මා වෙත දුන් පිළිතුර වූයේ දැන් තේරෙනවද අපි විඳින දුක උඩ පහලට යද්දි තඩි බෑග් එකකුත් උස්සන්යි කීය.

අක්කා - “අම්මෙ තේජා මැඩම්ට හරි සතුටුයි ළමයි භාවනා කරනව දැකල.. මැඩම් එනව ළඟට ළමයි නිදියනවද බලන්න“
අක්කා - “අර සුම්බා කළ අක්ක නටනව නැටිල්ලක් අම්මේ.. අපේ ළමයි කොහොමද එහෙම නටන්නෙ“
නංගී - අක්කගේ කථා කට ඇරන් අහන් ඉන්න නංගි “නංගිල මල්ලිලත් ආවද අක්කෙ..“ අක්කා - “ඔව්“ (එහෙත් රාත්‍රී කෑම වෙලාවේදී දෙමාපියන් සමඟ පැමිණි කිහිප දෙනෙකි පමණි..)
නංගී - “අපරාදෙ මටත් එන්න තිබ්බෙ“
අක්කා - රසවින්දන වැඩසටහන ගැනත් සෑහෙන විස්තරයක්.....

පැය 6.00ක් විඩින් විඩේ පැය 2.00 බැගින් රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය හා භෞතික විද්‍යා පාඩම් පවත්වන්නට යෙදුණ අතර ගුරුවරියක් පැවසුවේ පාසලේදී විනාඩි 40 පීරියඩ් එකක් දෙකකට වඩා සෑහෙන වැඩක් කරන්න පුළුවනි අම්මා... ප්‍රැක්ටිකල් ගොඩක් කළා.. යි කියායි..

මා ඔවුනට යෝධ බල ශක්තිය ප්‍රාර්ථනා කළේ එම සද් කාර්යය සඳහා දිනකට සෑහෙන වරක් ඒ උඩ පහළ යෑම පිණිසත්ය...

ලබන අගෝස්තුවේ සැමගේ ම පැතුම් සඵල කිරීමට මේ දූ පුතුන් සැමට ධෛර්යය ශක්තිය ලැබේවායි අවසන් වශයෙන් ප්‍රාර්ථනා රමි.!!



No comments: