දැක්ම

සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..

Wednesday, November 9, 2016

8. බලාපොරොත්තුව....

2011 අවුරුද්දෙ ජනවාරි මාසෙ 20 වැනිදා ඉස් ඉස්සරෝම නැවුම් බලාපොරොත්තු ගොන්නක්  ම පුරවගෙන අලුත් ම අලුත් පාසලකට ගොඩවැදුනු පුංචි පැටව් 683 දෙනෙක් මේ දෙසැම්බරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නයි සූදානම...

පුරා අවුරුදු 6ක් විවිධ තැනිතලා, හෙල්, කඳුවැටි තරණය කරලා විදුහලේ මධ්‍ය අංශයේ ගත කරන අවසාන දවස් කිහිපය පැමිණීලා.. 

දයාබර දූ පුතුනේ,

පතමි ස්නේහෙන්
නුඹ සියල්ලන් හට
ඉහළ සාමාර්ථ ම ලැබේවා!!
එකදු දරුවෙක් හෝ අසමත් නොවේවා!!
සියල්ලන්ට ම උසස් අධ්‍යාපනයේ දොරටු විවර වේවා!!
මා, පිය, ගුරු පැතුම් දල්වා සිනාසෙන්නට වරම් ලැබේවා!!
මිහිඳු මව් සෙවනේ අකුරු කරනා පුංචි සොයුරු සොයුරියන්ට ආදර්ශයත් වේවා!!
මිහිඳු මව් සෙවනට ලං වෙන්නට වෙර දරනා 
පුංචි සොයුරු සොයුරියන්ට ආදර්ශයත් වේවා!! 
මිහිඳු මව් සෙවනට දූ පුතුන් ලං කරවන්නට සැකබයැති දෙමව්පියන්ගේ පුහු බය දුරලන්නට ශක්තිය ලැබේවා!! 




 මාගේ දුවණියන් දෙදෙනාම අකුරු කරද්දී මා සේවයේ නියුතු ආයතනය මගින් සිදුකරන වටිනා මෙහෙයෙන් බිඳක් මා දරුවන් උගන්නා පාසලේ දරුවන් හට ලබා දිමට මා හට අවැසි විය. ඒ සඳහා මා හට අවසර ලබා දීමට කටයුතු කළ විදුහලේ මධ්‍ය අංශභාර නියෝජ්‍ය විදුහල්පති රාජනායක මහතාටත්, තොරතුරු තාක්‍ෂණ විෂයය භාර ප්‍රධාන ගුරුතුමිය වන කුමාරි මහත්මියටත් ස්තුති වේවා!! 



ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දිම පිළිබඳව මාගේ ආයතනයටත් පුහුණු කළමනාකාර ඩී. ඩී. ප්‍රභාත් මහතාටත් බෙහෙවින් ස්තූති වේවා!!

පාසලේ ප්‍රථම සාමාන්‍ය පෙළ කණ්ඩායම වන 2016 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා එකදු දරුවෙක් හෝ අසමත් නොවේවා!! මාගේ ඒකායන ප්‍රාර්ථනයයි!!





පෝදා..